දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් පිරිසක් හදුනාගැනේ

covid19 india infections dematagoda delta variety
By Sewvandhi Jun 19, 2021 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පළමුවරට වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ කුමන කොවිඩ් ප්‍රභේදය යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අදාළ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් 129 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 15 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

පවතින අවදානම සැලකිල්ලට ගනිමින් දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු අද (19) ආරම්භ කෙරුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාවේදිනී වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය,

“මෙම ප්‍රදේශයෙන් ඉන්දියානු ප්‍රභේදය වාර්තා වී තිබෙන නිසා නිරෝධායනය වී නොසිටි ආරාමය ප්‍රදේශයේ සියලුම වතුවලට කොවිඩ් එන්නත ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඊයේ කරපු පීසිආර් ප්‍රතිඵලවලින් මේ ප්‍රදේශයෙන් රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වුණා. ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ අහඹු පරීක්ෂණවලින් රෝගීන් 70ක් පමණ වාර්තා වී තිබෙනවා ඊයේ දිනයේ දී. පීසීආර් නියැදි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යවා තිබෙනවා.“

you may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now