Covid ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක්
COVID19
VACCINATION
INFECTION
By Sewvandhi
අද දිනයේ පළමු වතාවෙම ආසාදිතයින් 532ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත covid ආසාදිතයින් සංඛ්‍යාව 553,526 ක් දක්වා ඉහළ යයි.
එමෙන්ම,තවත් කොරෝනා ආසාදිතයන් 448ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 525,188ක් දක්වා ඉහළගොස් ඇත.
එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,772ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
කොරෝනා අසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 14,034ක් ලෙස සටහන් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
