covid ආසාදිතයින්ගේ යළිත් වැඩිවීමක්

By Sewvandhi Nov 02, 2021 12:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 498 හඳුනා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. 

තවත් කොරෝනා ආසාදිතයන් 448ක් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 513,540ක්

එමෙන්ම ,තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,770කි.

එම මරණ අතරට කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු අයත්ය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW