කොවිඩ් ආසාදිතයින්ගේ පැහැදිලි වෙනසක්..අද දින ආසාදිතයින් හා මරණ ගණන මෙන්න.

covid19 deaths infection vaccination
By Sewvandhi Oct 06, 2021 02:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 582දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 194 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 475 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 478,326ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් ගණන සමස්ත ජනගහනයෙන් සියයට 55ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගොස් තිබේ. මාත්‍රා දෙකම ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 01කෝටි 19 ලක්ෂ 67,327කි. එක් මාත්‍රාවක් හෝ ලැබූ ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 68කි.

ඒ අනුව මේ දක්වා කොවිඩ් මර්දන එන්නත එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 01කෝටි 46 ලක්ෂ 15,232ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now