අද දින වාර්තා වූ සමස්ථ මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවේ පැහැදිලි වෙනසක්

covid19 infection vaccination
By Sewvandhi Sep 29, 2021 02:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මීට පෙර වාර්තා වූ ආසාදිතයින් 685 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 256 හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ ආසාදිතයින් සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 61ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,847ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 28 තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 36ක් සහ පිරිමි පුද්ගලයන් 25ක් වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කළ මරණ අතර නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 14ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයන් 09ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 31ක් සහ පිරිමි පුද්ගලයන් 16ක් මෙම මරණ 61 අතර වනවා.

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 456,857ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now