අද දින පළමු වතාවේම ආසාදිතයින්ගේ වැඩිවීමක්

covid19 infections vaccination shavendra silva
By Sewvandhi Sep 29, 2021 12:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින පළමු වතාවේ ආසාදිතයින් 685  ක් හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 456,857ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ගත වූ දිනය තුළ පුද්ගලයින් 72,293 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

ඊයේ (28) දිනයේ කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව පුද්ගලයින් 35,412 දෙනෙකු සඳහාත් දෙවන එන්නත් මාත්‍රාව පුද්ගලයින් 36,881 දෙනෙකු සඳහාත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 11,700,763 දෙනෙකු එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ. පුද්ගලයින් 14,471,052ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now