දෙවන වතාවේ වාර්තාවත් සමග අද දින ආසාදිතයින්ගේ විශාල වෙනසක්
අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2,884ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 944 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 3,828ක්.
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2060 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 376216ක් ලෙසටයි.
මේ අතර,යාපනය, කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.
ඔවුන් සඳහන් කළේ, අදාළ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් කිහිපදෙ නෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව වැඩිහිටි නිවාසයේ අනෙකුත් වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු ඊයේ (අගෝ. 31) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාජනය කළ බවය.
එහිදී ඉන් 44 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව, එම වැඩිහිටි නිවාසය වසා දැමීමට කටයුතු කර ඇති අතර ආසාදිතයින් ප්‍රතිකාර හා නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන පරීක්ෂක නිලධාරීහු සඳහන් පැවසූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |