අද දින පළමු වතාවේම ආසාදිතයින් ඉහළ අගයක
අද දින මෙරටින් කොරෝනා අසාදිතයින් 3223 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ සමග මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 393,223 දක්වා ඉහළ ගියේය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,222 දෙනෙකු අද (23) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 344,381ක් බවය.
මේ අතර,රත්නපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ ගිලන්රථ රියදුරෙක් ද කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබුණි. වසර 20ක කාලයක් ගිලන් වූ ජනතාව වෙනුවෙන් සේවය කළ 57 හැවිරිදි බී.ඒ. අමරජීව මහතා නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොවිඩ් ආසාදිතව මියගිය පළමු ගිලන් රථ රියදුරා වන්නේද ඔහුය. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ ඊයේ පස්වරුව වනවිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහ රැසක් තැන්පත් කර තිබුණි.
කොවිඩ් ආසාදිතව එම රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් රෝහලට ඇතුළත් කරගන්නා තෙක් ඔවුන්ට පැය ගණනාවක් රැඳීසිටීමට ද සිදුවී තිබේ.
මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,366 දක්වා ඉහළ ගොස් තිබේ. දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 52,417 දෙනෙකුට ලබා දී ඇත.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මකය. මෙතෙක් පළමු මාත්‍රාව ලබානොගත් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට නිවසටම ගොස් එන්නත ලබාදීමේ යුද හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහනද ක්‍රියාත්මක වේ.
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් ගණන 01 කෝටි 20 ලක්ෂ 96,630කි. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද ලක්ෂ 56 ඉක්මවා තිබේ.
මේ අතර රත්නපුර සිරිමාවෝ බණ්ඩාරනායක ආයුර්වේද මහ රෝහලේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සුසන්ත ජයවික්‍රම මහතා පවසන්නේ කොවිඩ් රෝගය සඳහා ආයුර්වේද සහ බටහිර මිශ්‍ර වෛද්‍ය ප්‍රතිකාර ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |