අද දිනයේත් පළමු වතාවේම ආසාදිතයින් ඉහළ අගයක

By Sithumi Aug 21, 2021 01:06 PM GMT
Sithumi

Sithumi

Report

අද දින පළමු වතාවෙම ආසාදිතයින් 2785 හමුවූ බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා අසාදිතව ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 384,597 ක් වනවා.   

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන 323,390ක් දක්වා ඉහළගොස් ඇති බවය.

මේ අතර, කරාපිටිය රෝහලේ 99 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

මෙම මාසය තුළ පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 08 දෙනෙක්, හෙද නිලධාරීන් 40 දෙනෙක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් 38 දෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ

අද වන විට කළුබෝවිල මහ රෝහලේ වාට්ටු 7ක කොරෝනා ආසාදිතයන් 300කට අධික පිරිසක් නේවාසිකව සිටින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

ඒ සමග රෝහල් ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බව ද ඔහු පැවසීය. දැනටමත් රෝහලේ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ තිස් දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීය.

ඇතිව තිබෙන තත්ත්වය මත රෝහලේ සෙසු කාර්ය මණ්ඩලයද දැඩි විඩාබර තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now