නගරයක සිදු කල අහඹු පරීක්ෂණ 25 කින් 19 කට කොවිඩ්
නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට දිනපතා ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් වැඩි පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට රෝහලේදි සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ වලදි තහවුරු වු බව එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරින් ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
බගවන්තලාව ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගත වු දෙදින තුල පැමිණි රෝගින්ගෙන් අහඹු ලෙස සිදු කරන ලද පි.සි.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වාර්තා අනුව 25 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
තම රෝහලට වතු ආශ්‍රිත ජනතාව විශාල වශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන බවත්, එසේ පැමිණෙන රෝගින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂාවකට ලක් කරන බවත්, වෛරසය අසාදනය වි ඇති රෝගින් ආපසු ඔහුන්ගේ නිවාස කරා යොමු කර ඒ පිලිබදව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දෙන බවයි ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේ.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සදහා තම රෝහලේ වෙනම වාට්ටුවක් පවත්වාගෙන යන බවත්, එම වාට්ටුවේද ධාරිතාව මේ වන විට ඉක්මවා ගොස් ඇති බවත්, බගවන්තලාව ප්‍රදේශයේ වතු සහ ග්‍රාමිය ප්‍රදේශවල කොවිඩ් 19 වෛරසය සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
බගවන්තලාව ප්‍රදේශයේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වෛරසය පාලනය කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව ඒ.එස්.කේ ජයසුරිය මහතා වැඩි දුරටත් පැවසිය.
එමෙන්ම ඊයේ දිනයේ (20) පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2825 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1010 දෙනෙකු අදුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
එමෙන්ම අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,096ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, මෙරට සුවය ලැබු කොවිඩ් ආසාදිතයින්ගේ සමස්තය 320,810ක් දක්වා ඉහළ ගොස් තිබේ.'
එමෙන්ම,delta ප්‍රභේදයේ විකෘති ප්‍රභේද ලෙස හඳුනා ගැනුණු ප්‍රභේද තුනම ආසාදිත රෝගියෙකු කොළඹ නගරයෙන් අද හඳුනාගෙන තිබේ.
එමෙන්ම ඉන් එක් ජාන විකෘතියක් ශ්‍රී ලංකාවටම ආවේණික වීමද විශේෂත්වයකි මේ බව විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවත්වන මහතා සඳහන් කරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |