කොවිඩ් වැළඳීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට - සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට නිවේදනයක්..

COVID-19 Sri Lanka
By krishani May 02, 2023 03:59 AM GMT
krishani

krishani

Report

ඊයේ (01), කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 6 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ අනුව ඊයේ වන විට හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,177ක් වේ.

මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ Covid-19 ආශ්‍රිත වාර්තාවලට අනුව, අප්‍රේල් 17 සිට 24 අතර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වලින් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ අතර වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

පසුගිය කාලය තුළ කොරෝනා ව්‍යාප්තියේ සීඝ්‍ර අඩු වීමක් පෙන්නුම් කළේ ය.

නමුත් අලුත් අවුරුදු සමයත් සමඟ එහි වර්ධනයක් සිදු වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

කෙසේවෙතත්, එළඹෙන වෙසක් සතිය තුළ කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය විය හැකි හේතුවෙන් පොදු ස්ථානවල ගැවසීමේ දී මුඛ ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join