කොරෝනා ජිව්ත හතරකට ගෙනා අගතිය..

COVID-19 COVID-19 Vaccine
By krishani Aug 27, 2022 07:18 AM GMT
krishani

krishani

Report

තවත් කොවිඩ් -19 ආසාදිත මරණ 04ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර පසුගිය 25 වන දිනට අදාළව මෙම මරණ සිදුව ඇති බවට තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම මරණ අතර වයස අවුරුදු 30ත් 59ත් අතර එක් පුද්ගලයෙකු සහ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් තිදෙනෙකු වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,679ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර ඊයේ (26) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 58 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 669,639ක් දක්වා ඉහළ ගියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha