මෙරට කොරෝනා ගැන අලුත්ම දැනුම් දීමක්.. චීනයට වඩා 04 ගුණයකින් භයානකයි..වහාම එන්නත් 02කම ගන්න.
කොරෝනා වෛරස මර්දන එන්නත් දෙක ම ලබාගත් පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ට්විටර් පණිවිඩයේ නිකුත් කරමින් ආචාර්ය ජීවන්දර පවසන්නේ, එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවම කරගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකල හැකි බවයි.
එමෙන්ම එම ට්විටර් පණිවිඩයේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් නව තොරතුරු ගණනාවක් සොයාගත් බවත් දක්වා තිබෙනවා.
ඒ අනුව ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු රෝගය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරනු ලබන්නේ දින දෙකකට පසු ව බවයි ආචාර්ය ජීවන්දර පවසන්නේ.
නමුත් මීට පෙර කොරෝනා වෛරසය ආශ්‍රිත සොයාගැනීම්වල දී වාර්තා වී තිබුණේ වෛරසය වැළඳුණු කෙනෙක් දින භාගයකට අසන්න කාලයක් තුල දී එය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන බවයි.
එමෙන්ම මීට පෙර ආසාදනය වූවෙකු දින තුනත් හතරත් අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර නව සොයාගැනීම් අනුව හෙළි වී ඇත්තේ එම රෝග ලක්ෂණ විද්‍යමාන කිරීමේ කාල සීමාව ආසන්න වශයෙන් දින පහ හමාරේ සිට හය දක්වා දිගු වී ඇති බවයි.
ඩෙල්ටා වෛරසයේ පැතිරයාමේ වේගය චීනයේ වූහාන් නගරයෙන් සොයාගත් පළමු වෛරසයට වඩා සිව් ගුණයක් බවත් ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක් බවත් ආචාර්ය ජීවන්දර සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා.
මේ අනුව ඔහු අවධාරණය කරන්නේ රෝග පාලන සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් ව ඇති බවයි.
මේ අතර කොවිඩ් මර්දන “සිනොෆාම්” එන්නතේ මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ගෙන් සියයට 95කගේ සිරුර තුළ කොවිඩ් මර්දන ප්‍රතිදේහ නිපදවා ඇති බව පර්යේෂණ වාර්තාවලින් තහවුරු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.
ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් වැනි කිසිම එන්නතකින් ඩෙල්ටා වැනි ප්‍රභේදයන් සම්පූර්ණයෙන් වළක්වන්නේ නැති වුවත් එන්නත්කරණයෙන් මරණයට පත්වීම වළක්වන බවද ඇය පැවසුවා.
සියලු එන්නත්වලින් කරනුයේ මරණයට පත්වීම මැඬ පැවැත්වීම බවත්, මෙරට ජනගහනයෙන් විශාල පිරිසකට “සිනොෆාම්” එන්නත දී තිබෙන බවයි මහාචාර්යවරිය පැවසුවේ.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 99කටම ආසාදිතව ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවත් දිනකට 50,000ක් ආසාදිතයන් එරටින් වාර්තා වුවද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය නිසා මරණ අඩු වී ඇති බවත් නිලීකා මහත්මිය පෙන්වා දෙනවා.
මෙරට එන්නත්කරණයද ඉතා ශීඝ්‍රයෙන් කර ගෙන යන බවත් එන්නත ගත්තද ඇතැම් විට කොවිඩ් රෝග ලක්ෂණ මතු විය හැකි වුවත් රෝහල්ගත වීමක් දක්වා දරුණු නොවන බවත් ඇය ප්‍රකාශ කළා.
සමහර පුද්ගලයින් විවිධ හේතු දක්වමින් තවමත් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම මඟ හරිමින් සිටින ආකාරය අප සමාජයේ දක්නට ලැබේ.
සමහරු මෙරට භාවිත කරන එන්නත් වර්ග ගැන විවිධ දුර්මත සමාජගත කරමින් සිවීම ඊට එක හේතුවක් බව සෞඛ්‍ය අංශවල මතයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |