තවත් කොවිඩ් පොකුරුක් බිහිවීමේ අවධානමක්..අනතුරු ඇඟවීමක්.(VIDEO)

Covid Sri Lanka Hasitha aththanayake
By Aruna Dec 22, 2021 07:11 AM GMT
Aruna

Aruna

Report

එන්නත් කරණය තුලින් ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව මුල් තැනට.

නත්තල් සැමරීමට ජනතාව උනන්දු වන බවත් කෙසේ වෙතත් සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් අවුරුදු පොකුර වැනි තවත් අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගත යුතු බව වෛද්‍ය හසිත අත්තනායක මහතා පෙන්වා දෙනවා .

සාප්පු යනවනම්.. පල්ලි යනවා.. නම් සාදවලට යනවනම් යනවා නම් මේ ගැනත් අවධානය යොමු කරන්න . නත්තල් සමයේ අවධානය යොමුවිය යුතුයි... සෞඛ්‍ය මාර්ගෝපදේශ මුල් අවස්ථාව වගේම පිළිපදිය යුතුයි..

නත්තල් සැමරීමට ජනතාව උනන්දු වෙනවා.. ඒත් අප්‍රේල් මම කිවුව අවුරුදු රැල්ලක් ඇතිවිය හැකි බව අනතුරු හැගෙවුව..

ඒක කියපු විදිහටම උනා.. ඒ නිසා මේ නත්තල් කාලයේදීත් බඩු මිළදී ගනීමට යාමේදී ප්‍රවේශම් විය යුතුයි..

අඩු කාලයකදී සාප්පු සවාරි නිම කල යුතුයි.. වෙළද මහතුන් සෞඛ්‍ය මාර්ගෝපදේශක පිළිපැදීමට උනන්දු කල යුතුයි..

වෙළද සැලේ වාතාශ්‍රයය පිළිබඳ සැළකිලිමත් වෙන්න.. එලිමහන් තැන්වල බඩු මිලදී ගැනීමට උනන්දු විය යුතුයි...

නත්තලේදී සුභ පතීම සදහා සිපාචාර දක්වන්න එපා.. ඒ ගැන විශේෂයෙන් සලකිලිමත් වන්න... සාද වලදී එක්වරක් පමනක් පවිච්චි කරන කෝප්ප භාවිතා කරන්න..

දෙවුමැදුරු තුල එක්‍ රැස් නොවීම ඉතා වැදගත්.. මුව ආවරණ ඉවත් කරන්න එපා.. උත්සව සමයේ මත්පැන් භාවිත කිරිම අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැමිනි සමයේ ඉතා නුසුදුසුයි... ..

එන්නත් කරනය ඉතා වැදගත්... රජය ඔබට එන්නත් ලබා දීල තියනව.. මොන ප්‍රශ්න තිබ්බත්..

අපේ රට වෙනත් රට වලට වඩා ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.. වෛද්‍ය හසිත අත්තනායක . (අධ්‍යක්ෂ ජාතික බෝවන රෝග විද්‍යායතනය .)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now