යළිත් අති භයානක කොරෝනා ප්‍රභේදයක්.. මාස ගානකට රට වහන්න වෙයි??..

Covid Sri Lanka Lock down World Upul rohana
By Aruna Nov 01, 2021 05:54 AM GMT
Aruna

Aruna

Report

මේ දිනවල රටවල් කීපයක නව කොවිඩ් ප්‍රභේදයක් පැතිරෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම නව ප්‍රභේදය අප රටට ඇතුල් නොවේවී යැයි සිතිය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ එසේ වුවහොත් දැඩි අවදානම් තත්ත්වයකට රට තුළ නැවතත් ඇති විය හැකි බවයි.

මේ නිසා ජනතාව තුළ පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම අනිවාර්යයෙන් ආරක්‍ෂා කලයුතු බව උපුල් රෝහණ මහතා පවසනවා.

එසේ නොමැතිව මිනිසුන් වගකීම් විරහිතව ක්‍රියා කළහොත් යළිත් රට මාස ගණනකට අගුලු ලා තැබීම සිදු විය හැකි බැවින් සියලු දෙනාම දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව කටයුතු කරන්නට වගබලා ගන්න.

මේ අතර මෙම නව කොවිඩ් ප්‍රභේදයට ෆ්යිසර් සහ ඇස්ට්‍රෝසෙනිකා යන එන්නත් පවා ඔරොත්තු නොදෙන බවටයි විදෙස් වාර්තා පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now