මෙරට නගරයකින් කොරෝනා පොකුරක් මතුවෙයි..
Sri Lanka
Maskeliya
Covid patient
Hatton city
By Aruna
මස්කෙළිය නගරයේ දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා පවසා සිටියේ, ඔක්තෝබර් 6 වන දින සිදුකළ එම පරීක්ෂණ සිදුකළ බවය.
මස්කෙළිය නගරයට පිවිසෙන පුද්ගලයින් ආශ්‍රිතව එම පරීක්ෂණ සිදුකර ඇති අතර, මස්කෙළිය, නල්ලතන්නිය, අප්කට් යන ප්‍රදේශවලින් ආසාදිතයින් 14ක් හා දිඹුල පතන හා බදුල්ල යන ප්‍රදේශවලින් සෙසු පුද්ගලයින් තිදෙනා හඳුනාගත් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.
මේ අතර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |