ශ්‍රී ලංකාවේ පැතිරෙන කොරෝනා ප්‍රභේද ගැන නිල වශයෙන් දැනුම් දීමක්..

Covid Sri Lanka Delta
By Aruna Sep 26, 2021 06:22 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු 701-එස් කාණ්ඩයේ මෙම අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ විද්‍යාත්මක හැඳින්වීම සමඟ ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා අනු ප්‍රභේදය බී-එක 617 දෙක විසි අට ලෙසින් දැන් හැඳින්වෙනවා.

සාම්පල පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත්තේ විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් 95% කට වැඩි ප්‍රතිශතයක් පැතිර ඇත්තේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවයි.

මේ අතර  සංකූලතා සහිත දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ වයස අවුරුදු 12ත් 19ත් අතර විවිධ රෝගාබාධ සහ නිධන් ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහාය.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා පැවසුවේ, හෙට සිට බස්නාහිර පළාතේ සියලුම මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් තුළදී දරුවන්ට එන්නත් ලබාගත හැකි බවය.

මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ දිවයිනේ සෙසු පළාත්වලටත් කඩිනමින් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙන බැවින් බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිට දරුවන් රැගෙන නොඑන ලෙසය.

මේ අතර වයස අවුරුදු 12ත් 19ත් අතර රෝගාබාධ සහ නිධන් ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම අදත් සිදු කෙරේ.

ඒ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කුරුණෑගල, අනුරාධපුර ශික්ෂණ රෝහල්වලදීය.

මේ අතර මෙතෙක් එන්නත් ලබාදුන් දරුවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා සඳහන් කළේ, "මේ වනවිට එක දරුවෙකු පමණක් අපි රෝහලට ගෙන්න ගත්තා නැවත.

ආසාදිත තත්ත්වයක් ඇවිත් තිබුණ නිසා.

නමුත් ඒ දරුවත් බොහොම පහසුවෙන් රෝහලේදී සාමාන්‍ය තත්ත්වයට පත්වුණා.

අනෙක් සියලුම දරුවන්ගේ සාමාන්‍ය තත්ත්වයන් තියෙන්නේ."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now