කොරෝනා සුව කරන්න සර්ප විෂ ගන්න යයි...එන්නතකුත් දෙගුණයකින් සාර්ථක වෙයි.

Covid Sri Lanka Corona snake
By Aruna Sep 01, 2021 09:34 AM GMT
Aruna

Aruna

Report

ෆිට් වයිපර් නම් සර්ප විශේෂයේ විෂ කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ කරගෙන තිබෙනවා.

සායනික පරීක්ෂණවලට අනුව එමඟින් මිනිස් ශරීරයේ කොරෝනා වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවයි අනාවරණ වී ඇත්තේ. කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් අනුමැතිය ලබාදී නැහැ.

මේ අතර කෝවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය, චන්දිම ජීවන්දර පවසනවා.

මේ බව හෙළි වී ඇත්තේ මෙම එන්නත් 2 අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් පසුව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now