කොරෝනා වලින් බේරෙන්න එකම විසදුම මෙන්න...මේ වයසේ අයට විශේෂයි.

Covid Corona Sri Lanka Vaccines Nimal lansa
By Aruna Aug 23, 2021 12:51 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දින දහයක කාලසීමාවකට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ යාන්ත්‍රණයක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය අංශය එක්ව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමනි.

මෙම කාල සීමාව තුළ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බාධාවක් නොවන පරිදි පවත්වාගෙනයාම සදහා දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් අවශ්‍ය කටයතු සූදානම් කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා රජය අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඒ සදහා සෞඛ්‍ය මාර්ගපෝදේශ පිළිපදිමින් හා නිරෝධායන ඇදිරි නීතියට අනුව කටයුතු කරමින් ජනතාවද අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා.

ලෝකය පුරා පැතිර යන මෙම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ධනවත් හා බලවත් රටවල් පවා ආර්ථික අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා.

මෙම වසංගතය හේතුවෙන් අපේ රටට ද ආර්ථික අභියෝග රැසක් එල්ල වී තිබෙනවා.

ආදායම් ඉපැයිමේ මාර්ග විශාල ප්‍රමාණයක් අහිමි වී හෝ සීමා වී තිබෙනවා.

එවන් පසුබිමක වුවත් ආර්ථිකය කළමනාකරණය සිදු කරමින් කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කර තිබෙනවා.

මෙම කොවිඩ් වසංගතය කොපමණ කාලයක් තවදුරටත් පවතීදැයි නිශ්චිතව කියන්න බැහැ.

මේ සඳහා ඇති එකම විසදුම එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බව සෞඛ්‍ය විශේෂඥයින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා.

ලංකාවේ ඒන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු කෙරෙනවා.

අපේ රටේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අනෙකුත් සංවිධාන පෙන්වා දී තිබෙනවා.

අපි මේ අවස්ථාවේ කළ යුත්තේ අදාළ එන්නත් ලබා ගනිමින් මෙම වැඩපිළිවෙලට සහය දැක්වීමයි.

විශේෂයෙන් වයස අවුරුදු 60 ට වැඩි පිරිස් එන්නත්කරණය සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඒ සඳහා ඔවුන් සහභාගී විය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now