ප්‍රධාන රෝහලක කොවිඩ් ආසාදිත දරුවන් 12ක් මියයයි.. ආසාදිත ලැයිස්තුවේ වෙනසක්..
කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් 12 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළදී මියගොස් තිබෙන බව එහි අධ්‍යක්ෂ වරයා සඳහන් කරයි.
දැනට එම රෝහලට දිනකට කොරෝනා ආසාදිත දරුවන් 25-30 ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවද ඔහු පැවසීය.
රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක්ද දැනට වෛරසය ආසාදනය වී ඇති බවත් පැවසූ අධ්‍යක්ෂවරයා ඒ අතර කොරෝනා මර්ධන එන්නත ලබාගත් පිරිසක්ද සිටින බවද කියා සිටියේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4,808ක් එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබෙනවා.
එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 385,696 ක් දක්වා ඉහළ යනවා.
පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

