කොරෝනා විකෘති ඩෙල්ටා ප‍්‍රභේදයේ 04ක් මෙරටින්..දැඩි අවධානම් තත්ත්වයක්.

Covid Sri Lanka Delta Nilika malavige Asela gunarathne
By Aruna Aug 22, 2021 06:55 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘත 04ක් මෙරටින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බව තහවුරු කළාය.

දැනට මෙරට භාවිතා වේදන සියලුම එන්නත් මෙම විකෘති වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවද ඇය පැවසුවාය.

අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව සදහන් කලාය.

මේ අතර එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් හැකි ඉක්මනින් තමාට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගන්නා ලෙසටයි ඔහු දැනුම්දෙන්නේ.

මේවන විට වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිත මරණවලින් සියයට 70ක් 80ක් පමණ කිසිදු එන්නතක් ලබා නොගත් අය බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now