මෙරට කොරෝනා මරණ 10 ගුණයකින් ඉහළට..ආසාදිතයින් ද 04 ගුණයකින් වැඩි වෙයි.. ලඟදීම විශාලාවක් වන ලකුණු.
මෙරට වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන සම්බන්ධයෙන් සංසාධනාත්මකව බැලීමේදී එය ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවට සාපෙක්ෂව 10 ගුණයකින් වැඩි බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මාහාචාර්ය සුනෙත් අංගම්පොඩි ප්‍රකාශ කර සිටිනවා.
දෛනික ගෝලීය කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් වන දත්ත වාර්තා අනුව මාහාචාර්ය සුනෙත් අංගම්පොඩි ප්‍රකාශ කර සිටියේ ආසාදිතයින් වාර්තා වීම අතින්ද ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආසාදිතයින් වාර්තාවීම සිව් ගුණයකින් වැඩි බවයි.
වාර්තා වන ආසාදිතයින් අතුරින් මරණයට පත්වීමේ අනුපාතය ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ එය 03 ගුණයකින් ඉහළ බවයි මහාචාර්ය සුනෙත් අංගම්පොඩි ප්‍රකාශ කළේ.
එමෙන්ම ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට පැමිණි අවස්ථාවේදී වාර්තා වූ කොවිඩ් මරණ වලට සාපේක්ෂව දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොවිඩ් මරණ ප්‍රමාණය ඉහළ අගයක පවතින බවයි මහාචාර්ය සුනෙත් අංගම්පොඩි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ.
මේ අතර අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිත මරණ ගණන 111ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මීට පෙර කොරෝනා ආසාදිත මරණ 94ක් හඳුනා ගත් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබූ අතර ඊයේ දිනයේ කොරෝනා ආසාදිත මරණ තවත් 17ක් ඊයේ (8) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.
ඒ අතර කාන්තාවන් 55 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 56 දෙනෙකුද සිටි.
ඒ අනුව ඊයේ සොයාගත් සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 111ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

