ඉදිරි සති 02ක තීරණාත්මකයි.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි..මෙරට මරණ ගණන ගැන අනාවැකියක්. (VIDEO)

Covid Health Sri Lanka Ajithi Rohana Covid patient
By Aruna Aug 09, 2021 05:22 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රටේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරි සති දෙක තුළ තීරණාත්මක විය හැකි නිසා අත්‍යවශ්‍ය කරුණකට හැර එළියට නොගොස් හැකි තාක් නිවෙස්වලටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා.

කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව කටයුතු කළහොත් රටේ තත්ත්වය තීරණාත්මක වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ.

ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ පැයක් තුළදී මෙරට සිදු වන මරණ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ද වාර්තා වනවා.

ඉදිරි සති දෙකක කාලය තුළදී මෙරටින් වාර්තා විය හැකි කොවිඩ් මරණ සංඛ්‍යාව , ඉහළ යා හැකි බව අමෙරිකානු වොෂින්ටන් සරසවිය නිකුත් කළ නවතම දත්ත විශ්ලේෂණයක දැක්වෙනවා.

දෙසැම්බර් මස 01 වැනිදා වන විට මෙරට මරණ සංඛ්‍යාව 12,000ක් වනු ඇතැයි ද, එය උපරිමය 23,000ක් දක්වා ඉහළ යා හැකි යැයි ද එම විශ්ලේෂණයේ සඳහන්.

කොවිඩ්-19 ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට හඳුනාගතහොත් දින 3ත් 5ත් අතර කාලය තුළදී PCR හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් හෝ සිදු කර ගන්නා ලෙස ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර තිබෙනවා.

මීට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක් විය යුතු කාල සීමාව ලෙස දක්වා තිබුණේ දින 5ත් 7ත් අතර කාලයක් වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් PCR පරීක්ෂණයක් ද, රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් ද සිදු කිරීම වැදගත් යැයි එහි ඇතුළත්.

දරුවන් අතර කොවිඩ් – 19 වයිරසය ව්‍යාප්ත වීම ඉහළ යෑමත් සමඟ බහු ඉන්ද්‍රීය රෝග ඇතුළු සංකූලතා වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවට ද වාර්තා වනවා.

කොවිඩ් ආසාදිත දරුවන් 150ක් පමණ ඊයේ (08) වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු 4ක සහ බොරැල්ල ආයුර්වේද රෝහලේ වෙන් කළ වාට්ටුවක් ඇතුළු වාට්ටු 5කින් දරුවන්ට ප්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වනවා.

කොවිඩ් ආසාදිත දරුවන් තවදුරටත් වැඩි වුවහොත් සමස්ත ළමා රෝහල් පද්ධතියම කඩා වැටීමේ අර්බුදයක් මතු වනු ඇතැයි ද, දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය දැඩි සත්කාර ඇඳන් සහ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළා. කිසියම් දරුවකුට තද උණ ගතිය, වමනය, කෑම අරුචිය පවතින්නේ නම් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර දරුවන්ට වෛරසය ආසාදනය වීම සිදු වනුයේ වැඩිහිටියන්ගෙන් වන බවත් වැඩිහිටියන් නිවෙස් වෙත යාමේදී වෛරසය රැගෙන නොයාමට පියවර ගත යුතු බවත් වෛද්‍ය විශේෂඥ මතයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now