මහනගර සභාවකින් කොරෝනා පොකුරක් මතු වෙයි.

Covid Kurunagala
By Aruna Jun 20, 2021 08:32 AM GMT
Aruna

Aruna

Report

කුරුණැගල මහනගර සභාවේ සේවකයින් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අං‍ශ පැවසුවේ සේවකයින් 147 දෙනෙකුට සිදු කළ PCR පරික්ෂණවලින් පුද්ගලයින් 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවය.

දින කිහිපයකට පෙර සේවකයින් කිහිප දෙනෙකුට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන්PCR පරීක්ෂණ සිදු කර තිබේ.

කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ සේවකයින් බහුතරය සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර මාතර වැලිගම සෞඛ්‍ය බලප්‍රදේශයේ 63 දෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.

පසුගිය 16 වනදා 154 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණවලින් මොවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ 63 දෙනා අතරින් 44 දෙනෙකු පැලෑන දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මිරිස්ස උඩුපිල ප්‍රදේශයේ 10 දෙනෙකු ද කඹුරුගම ප්‍රදේශයේ 09 දෙනෙකු ද වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now