සීඝ්‍රයෙන් වාතය හරහා පැතිර යන අති භයානක කොරෝනා ප්‍රභේදයක්..
ඉන්දීය සහ බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේද මුසු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන තිබෙනවා.
වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ මෙම නව ප්‍රභේදය වාතය මගින් සීඝ්‍රයෙන් පැතිර යා හැකි භයානක ප්‍රභේදයක් බවයි.
පෙර හදුනාගෙන ඇති වෛරස් ප්‍රභේදවලට වඩා නව වෛරස් ප්‍රභේදය ඉහළ සම්ප්‍රේශන හැකියාවකින් යුක්තයි.
කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ රටක් වන වියට්නාමය තුළ ඉකුත් අප්‍රේල් මස අග සිට නැවතත් කෙරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
ඉන්දීය සහ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේද 02 ඇතුළුව වෛරස් ප්‍රභේද 07 ක් වියට්නාමයෙන් වාර්තා වි තිබුණා.
මේ අතර ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා. ඒ, එම ප්‍රදේශයෙන් සැලකිය යුතු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන්.
ඒ අනුව නවදිල්ලි අග නුවර ජුනි මස 07 වනදා දක්වා වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |