රෝහලෙන් දෙවරක් පැන්න ආසාදිතයා මරුට.

Covid Corona Police Hospital Wawniya
By Aruna May 28, 2021 08:12 AM GMT
Aruna

Aruna

Report

 හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 14 වැනිදා දෙවරක් ඉන් පැනගිය කොවිඩ් ආසාදිතයා මිය ගොස් තිබේ.

හෝමාගම රෝහල් පොලීසිය පැවසුවේ මියගිය කොවිඩ් ආසාදිතයා 65 හැවිරිදි රාගම ඉහළගම පදිංචිව සිටි අයෙක් බවය. ඔහුගේ අවසන් කටයුතු මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියේදී සිදුකර තිබේ.

ඉකුත් 14 වනදා පැනගොස් සිටි එම ආසාදිතයා සොයා ගැනුණේ යාබද නිවසක් අසල රැඳී සිටියදීය.

පසුව ඔහු නැවතත් එදින පස්වරු 3ට පමණ රෝහලෙන් පළාගොස් තිබුණි. රෝහල් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම ආසාදිත පුද්ගලයා රෝහලට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද නිවසක් අසල රැඳී සිටියදී සොයා ගැණුනි.

මේ අතර හැටන් දික්ඔය නගර සභා සීමාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් වැඩි පිරිසක් එකම පවුලේ සාමාජිකයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

එම ආසාදිතයින් අතර හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්ද සිටී.

මේ අතර වවුනියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

ආසාදිත පොලිස් නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now