සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය කාටද?

Report

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපති සහ උපසභාපති තෝරා ගැනීම සඳහා කටයුතු කිරීමවලට එරෙහිව ගොනු කළ පෙත්සමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නියෝගය ලබන සදුදා (14) දින ප්‍රකාශයට පත් කරන බව එම අධිකරණය සඳහන් කළේය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

එම දිනය තෙක් සභාපතිවරයා සහ උපසභාපතිවරයා තේරීම සඳහා ඡන්දය පැවැත්විය නොහැකි බව වග උත්තරකාර පාර්ශවයට දැනුම් දී ඇති බව නීතිපතිවරයා මගින් අභියාචනාධිකරණයට දැනුවත් කර ඇතැයි  වාර්තා වේ

මෙම පෙත්සම විභාගයට ගෙන ඇත්තේ, විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු දෙදෙනා අධිපතිත්වය දරන විනිසුරු මඩුල්ල ඉදිරියෙන්ය.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

විරෝධ පක්ෂයේ සභිකයන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරුවන් දක්වා ඇත්තේ, සභාවේ බහුතරය තම පක්ෂයට හිමිව සිටින අවස්ථාවේ, පළාත් පාලන කොමසාරිස්වරියගේ නායකත්වයෙන් පැවති රැස්වීමකදී, සභාපති සහ උපසභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව, එම තීරණය නීතිමය වශයෙන් අසාධාරණ බවත්, එය ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.