අධිකරණයක් ප්‍රතික්ෂේප කළ පොලිසියේ ඉල්ලීම

covid19 colombo buddika c ragala kothalavala health guilds
By Sewvandhi Aug 02, 2021 09:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් විසින් අද (02) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ පැවැත්වීමට නියමිතව උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ප්‍රතික්ෂේප කළේය.

ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර තිබෙන යම් සෞඛ්‍ය මාර්ගෝපදේශයක් කිසියම් පුද්ගලයකු විසින් උල්ලංඝනය කරන්නේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලතල තිබෙන බවය.

උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇතැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා කොවිඩ් වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් එම අයිතිය යටපත් කරන්නට යාමෙන් රටත් රජයත් දැඩි අපහසුතාවයකට පත් වනු ඇතැයි පෙන්වා දුනි.

කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව මහාචාර්ය ජේ. එන්. ආනන්ද ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් යුතුව ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට සූදානම් වන බවත් නිරෝධායන නීතියට පටහැනිව සිදුකිරීමට යන එම උද්ඝෝෂණය වැළක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමින් පොලිසිය විසින් මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත්කර තිබුණි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha