මුළු ලංකාවම ආවරණය වන පරිදි විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශවලට අද සවස 100mm ඉක්මවූ වැසි සමඟ ධාරානිපාත වර්ෂාවක්

Report

දිවයින පුරා ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මුළු ලංකාවටම වලංගු වන පරිදි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විදුලි ට්‍රාන්ස්ෆෝමරයකට යළිත් රිලවෙක් පැනලා - මේ ප්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වෙයි

විදුලි ට්‍රාන්ස්ෆෝමරයකට යළිත් රිලවෙක් පැනලා - මේ ප්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වෙයි

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.