අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන්ට සහ වනජිවි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්.

Sri Lanka Wildfire
By Wayomi May 11, 2023 09:24 AM GMT
Wayomi

Wayomi

Report

අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන්ට සහ වනජිවි අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පාර්ශවකරුවන්ට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා.

ඒ, මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත යැවීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස සඳහන් කරමින්.

මෙලෙස නියෝගය කර ඇත්තේ,ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම, අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කියා සිටියේ මෙම ක්‍රියාව සත්ත්ව හිංසා පනත මෙන්ම, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවයි.

එය සිදුවුවහොත් මෙරට පරිසර පද්ධතියට අගතියක් සිදුවන අතර, විශාල සත්ත්ව හිංසනයක් සිදුවන බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW