විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට දුන් අධිකරණ නියෝග ගැන නැවත් දැනුම්දීමක්

Report

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට එතැනින් ඉවත් වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (22) නිකුත් කළ ආඥාව වෙනස් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය.

එමෙන්ම අදාළ ආඥාවට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් සිදුවුවහොත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පොලිසියට බලය පවතින බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

නඩු 4කට චාමරට ඇප

නඩු 4කට චාමරට ඇප

විහාරමහාදේවි උද්‍යානයේ උද්ඝෝෂණයේ නිරත පිරිස සහ නීතිපතිවරයා විසින් අද (23) දින ගොනුකර තිබූ මෝසම් පත්‍ර දෙකක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

එහිදී උද්ඝෝෂණයේ නිරත පිරිස සිය මෝසම් පත්‍රය මගින් ඉල්ලා සිටියේ ඊයේ (22) නිකුත් කළ ආඥාව සංශෝධනය කරන ලෙසයි.

ඉරාන පාසලට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයට AI සම්බන්ධද? - CIA හිටපු ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

ඉරාන පාසලට එල්ල වූ බිහිසුණු ප්‍රහාරයට AI සම්බන්ධද? - CIA හිටපු ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම් පත්‍රය මගින් අදාළ අධිකරණ නියෝගය කියවා දුන් පසුවත් එම ස්ථානයේ රැඳී සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.