පාරිභෝගිකයන් සතු අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර වලට ගෙවීමක්..?
By Sewvandhi
දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදල් ගෙවීමක් සිදුකරන ලෙස අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් කරුණු සොයාබලා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
ගෑස් කාන්දුවීම හේතුවෙන් ඇතිවූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන අභියාචානාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කළා.
.....................................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |