''වැස්ස රුමේෂ්ගේ ජයග්‍රහණයට බාධාවක් වුණාද?''- ආසියානු රන් පදක්කම දිනූ පසු රුමේෂ්ගේ අම්මා-තාත්තා කියපු කතාව [VIDEO]

Report

ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දීමට රුමේෂ් තරංග සමත් විය. ඔහුගේ මෙම ජයග්‍රහණයෙන් අනතුරුව රුමේෂ්ගේ ආදරණීය මව සහ පියා සිය සතුට සහ ඔහුගේ තරගයට සිදුකළ සූදානම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

එහිදී අදහස් දැක්වූ රුමේෂ්ගේ පියා,

“ඇත්ත වශයෙන්ම අපි මේ රුමේෂ්, මගේ පුතා, දැනට මාස දෙකක ඉඳලා මේ ලෝක මට්ටමේ ලොකු තරගමාලාවක් තමයි කන්සොලිඩේට් (consolidat) කරන් ඉන්නේ ආදරණීය කෝච් ටෝනි ප්‍රසන්නත් එක්ක. ඉතින් ඒ කන්සොලිඩේට් (consolidat) එකෙන් ඇවිල්ලා තමයි ආවේ Asian Games එකට. Asian Games එකේ අපේ කෝච් ටෝනිගේ ලොකු ප්ලෑන් එකක් තිබුණා මේ Asian Record එක සහ තරගාවලි වාර්තාවට. ඉතින් පුතා ලොකු උත්සාහයක් ගත්තා ශ්‍රී ලංකාවාසීන්ට මේ වාර්තාව අලුත් කරලා, සුසන්තිකා ජයසිංහ මහත්මියගේ වාර්තාව බිඳෙනවත් එක්ක තව එකක් තියන්න. ඉතින් අවාසනාවට ඒක පොඩි තැනකදී මිස් වුණා. ඉතින් ඒ ගැන කනගාටු වෙන්න දෙයක් නැහැ. ඇත්තෙන්ම අම්මා තාත්තා හැටියට සහ ආදරණීය ජනතාවට සතුටක් රුමේෂ් අදත් ලබා දුන්නා.ඉතින් ගොඩක් සතුටුයි.”

රුමේෂ්ගේ මව ද සිය පුතුගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්,

“කියන්න බැරි ලොකු සතුටක් තියෙනවා මට. ලොකු දුකකට තියෙන්නේ පොඩ්ඩක් වර්ෂාපතනය පොඩ්ඩක් බලපෑවා. ඒත් දරුවා ඒක මෙව්වා එකකට ගත්තේ නැහැ. දරුවා ලස්සන ගමනක් ගියා.”

ශ්‍රී ලාංකේය නාමය ඉහළට ඔසවමින් රුමේෂ්ගෙන් තවත් අතිවිශිෂ්ට ජයග්‍රහණයක්

ශ්‍රී ලාංකේය නාමය ඉහළට ඔසවමින් රුමේෂ්ගෙන් තවත් අතිවිශිෂ්ට ජයග්‍රහණයක්

රන් පදක්කම් ලාභී රුමේෂ් හෙල්ල විසි කිරීමේ අවසන් තරගයට- අයෝමාල් අකලංක සහ සහය දිවීමේ කණ්ඩායමත් අද සටනට

රන් පදක්කම් ලාභී රුමේෂ් හෙල්ල විසි කිරීමේ අවසන් තරගයට- අයෝමාල් අකලංක සහ සහය දිවීමේ කණ්ඩායමත් අද සටනට