පෙත්සම්කරුවන් බියෙන් - ශානි අබේසේකරට පනවා තිබූ අතුරු තහනම තවත් දික් වෙයි
පාතාල නායක මාකදුරේ මධුෂ් නමැත්තා ඝාතනය කරන ලද බව පවසන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සහ එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කිරීමෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා වළකාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 02 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20) දින නියෝග කර ඇත.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන මහතා ඇතුළු සිව්දෙනකු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය එසේ දීර්ඝ කර ඇත.
පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආර්.ගුරුසිංහ සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩලක් හමුවේ සිදු වූ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇසලම් ද සීල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් ශාන්ත ඇතුළු පිරිසක් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
පෙත්සමේ සඳහන් වන්නේ කොළඹ අපරාධ කොට්ඨාශ අත්අඩංගුවේ සිටියදී මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ මරණය සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය නැවත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
රහස් පොලිස් අධ්‍යක්‍ෂවරයා මීට පෙර අවස්ථාවක සියාම් ඝාතන නඩුවේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇති බවට කරුණු සඳහන් වු බවත් පවසන පෙත්සම්කරුවන් ඔහු යටතේ මෙම විමර්ශන කිරීමෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වන තමන්ට අගතියක් වන බවත් දක්වා ඇත.
පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී
ඒ අනුව මෙම එම තත්ත්වය යටතේ කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති හෙයින් මෙම සිද්ධියට අදාළ විමර්ශන රහස් පොලීස් අධ්‍යක්ෂවරයා යටතේ පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු රහස් පොලීසියෙන් ඉවත් කිරීමට නියම කරන්නැයි ද ඉල්ලා සිටියා.
ඒ අනුව පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රම්සි භාචා නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ සහ නාමික් නෆර්ත් මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ අලි සබී්‍ර මහතා පෙනී සිටියා.