ඩොලර් එක නැගලා රුපියල වැටුණු පාර බස් ගාස්තුවටත් වදී

Report

ජූලි මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු ඇඟවී තිබේ.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම ප්‍රවාහන වියදම් ඉහළ යාමට සෘජුව බලපාන බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ඩොලර් විනිමය අනුපාතය, පොලී අනුපාත සහ බස් රථ මිල ඇතුළු ප්‍රධාන පරාමිතීන් 12ක් මත පදනම්ව වාර්ෂික බස් ගාස්තු සංශෝධනය තීරණය වන බව ඔහු පෙන්වා දී ඇත.

වත්මන් ආර්ථික තත්ත්වය බස් හිමියන්ට මෙන්ම මගී ජනතාවටද අභියෝගයක් වී ඇති බව ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේය. 

කපිල චන්ද්‍රසේනගේ මරණයේ අභිරහස විසදෙයිද? කපිල චන්ද්‍රසේනට ඇප තැබූ සිව්දෙනාටත් ඇප

කපිල චන්ද්‍රසේනගේ මරණයේ අභිරහස විසදෙයිද? කපිල චන්ද්‍රසේනට ඇප තැබූ සිව්දෙනාටත් ඇප

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

රුපියල තවත් බාල්දු වෙයි - ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ දැමූ බැංකු වල අලුත්ම තත්ත්වය මෙන්න

රුපියල තවත් බාල්දු වෙයි - ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ දැමූ බැංකු වල අලුත්ම තත්ත්වය මෙන්න