ප‍්‍රකට සමාගමක ප‍්‍රකට hand sanitizer වර්ගයකට නඩු

By Sithumi Dec 24, 2021 01:09 PM GMT
Sithumi

Sithumi

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2021.02.25 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව අත් පිරිසිදුකාරක (hand sanitizer) ආනයන කරුවන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, වෙළඳුන් විසින් අදාළ අත් පිරිසිදුකාරක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි කර අදාළ ලියාපදිංචි අංකය අත් පිරිසිදුකාරක ඇසුරුම්වල සඳහන් කළ යුතුය.

ඒ අනුව මීට පටහැනිව අත් පිරිසිදුකාරක නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම සහ වෙළඳාම මෙරට තුළ තහනම් වේ. නමුත් පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය 23 වන දින හලාවත ප්‍රදේශයේ සිදු කළ විමර්ශනයකදී උක්ත නීතිරීති උල්ලංඝනය කරමින් නිෂ්පාදිත අත් පිරිසිදුකාරක වෙළඳපොළෙන් හමුවී ඇති අතර ඒ සම්බන්ධව අදාල පුද්ගලික සමාගමට ඉදිරියේදී හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇත.

එසේම තවත් ආයතන විසින් ව්‍යාජ NMRA ලියා පදිංචි අංක සඳහන් කරමින් වෙළඳපොළට නිකුත් කර තිබූ අත් පිරිසිදුකාරක සම්බන්ධයෙන් ද නඩු පැවරීමට නියමිත බවත් මෙවැනි නීතියට පටහැනි අත් පිරිසිදුකාරක සම්බන්ධ විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now