‘කාමරයට 1000යි.. හිලෙන් බලන්න 2000යි’..ස්වභාවික දර්ශන අලෙවි වෙන්නෙ ඉහළ මිල ගණන් වලට..රූම් යන කපල් වලට ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්...

Police spokesman Kalutara Sri Lanka Gossip Today
By Aruna Jun 11, 2023 07:31 AM GMT
Aruna

Aruna

Report

කළුතරදී හෝටලයක උඩුමහලින් පැන මියගිය 16 හැවිරිදි සිසුවියන්ගේ කතාව කාටත් අමතක වීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ලබාදීමට නියමිත තීන්දුව කවරාකාර වුවද, අපේ රටේ ‘ගෙස්ට් හවුස්’ ගැන කතාව මේ සිද්ධිය නිසා යළිත් අලුත් වී තිබෙනවා.

තානායම්, කබානා, ගෙස්ට් හවුස් එහෙමත් නැතිනම් රූම්ස් අද රටේ හැම තැනකමය.

අතේ ඇති ගානට හිතේ හැටියට, විවිධ මිල ගණන් යටතේ ලබාගන්නට පුළුවනිය.

හොඳම මට්ටමේ නවීන නවාතැනක සිට, තහඩු ගස්සා වෙන් කෙරූ කාමර, අත්හැර දැමූ ගොඩනැගිල්ලක කොටසක් දක්වා මේ කාමර සොයාගත හැකිය.

වත්මන වන විට බීච් එකේදී හෝ සිනමා හලක බැල්කනි ටිකට් රැගෙන පෙම් සුව විඳින පෙම්වතුන් හිඟය.

බොහෝ දෙනෙක් ආදරය බෙදාගන්නේ ‘කාමරයක’ දීය. වැල්ලේදී, බැල්කනියේදී ‘පහසුකම්’ සොයන්නේ නැති ‘කපල්’ සඳහා කාමරයකදී ලැබෙන ඕනෑම දෙයක් ඉහළම පහසුකම්ය.

‘රූම්ස් කුලියට දෙන මිනිහා ප්‍රයෝජනයට ගන්නේ මෙම තියරියයි. බොහෝ කාමර සහිත තැන්, හෝටල්, ගෙස්ට් හවුස්, ලොජ් ලෙස හැඳින්වුවද එම කාමර පෙට්ටි කඩයක වුව ඇටවිය හැක.

ඒ කාමරයක අනිවාර්යය අංගය වන්නේ ‘ඇඳ’ ය. මදි පාඩුවට ඕනෑ නම් බාල පන්නයේ මේසයක් පුටුවක් ලැබේ.

බොහෝ විට ටවල් රැක් එකක්ද ලැබේ. මෙවැනි බොහෝ තැන් බෝවෙන රෝග පැතිරී යෑමට අවශ්‍ය පහසුකම් ඕනෑවටත් වඩා සපයා තිබේ.

සමහර තට්ටු තුන හතරේ ගොඩනැගිලිවල මෙවැනි අඩු ‘කොලිටියේ’ (මේ වර්ගීකරණය කරන්නේ තැරැව්කරුවන්ය) සිට ඒ. සී. රූම් දක්වා විවිධ මිල ගණන්වලට කාමර විකිණෙන අඩුම කොලිටියට ඇත්තේ පොදු වැසිකිළි වුවද අනෙක් ඒවාට ‘ඇටෑච් බාත්රූම්’ ලැබේ.

‘කොලිටිය’ මනින නිර්ණායක කවරාකාර වුවද මේ සියලු කාමරවල පිරිසිදුකම අන්තිමය. ‘චාමර’ අපට හමුවන්නේ බස්නාහිර ප්‍රසිද්ධ නගරයක ලැගුම්හල් ගැන විස්තර සොයා යන අතරතුරය.

ඔහු එක්තරා ‘රූම්ස්’ කුලියට දෙන තැනක ‘රූම් බෝයි’ කෙනෙකි. චාමර සේවය කරන, ඔහු හෝටලය යැයි පැවසූ තැනට අපි ගියෙමු.

ඒ ඔහු සමග ඇති කරගත් එකඟතාවක් අනුවය. ඔහු හෝටලයක් යැයි හැඳින්වුවද, එය පැරණි නිවසකි.

මුල් කාලයේ කාමර දෙකක් හෝ තුනක් තිබෙන්නට ඇතැයි සිතිය හැකි එම නිවසෙහි අද වන විට කාමර ගණනාවකි.

තහඩු හෝ හාර්ඩ් බෝර්ඩ් වලින් අටවන ලද එම කාමර සියල්ලටම ඇත්තේ එක් නාන කාමරයක් සහිත වැසිකිළියකි.

නවාතැන් ගන්නා කවරෙකු වුවද පාවිච්ච් කළ යුත්තේ එයයි. කොටින්ම කීවොත් නිවසෙහි මුල් පිහිටිමෙහි වූ කාමර තුනද, එකක කාමර දෙක බැගින් වූ කුකුල් කූඩු බවට පත්ව තිබේ.

පිරිසිදුකම නොව පෞද්ගලිකත්වය පවා බිඳකුදු නැති මේ ‘පකිස් ලෑලි’ හෝටලයේ නැත. එහෙත් පුදුමයකට මෙන් එය ‘හවුස් ෆුල්’ ය. “හොටෙල් එක උදේ ඉඳලා ඔහොම තමයි.

සමහර දවස්වල මහා රෑ වෙනකල් කට්ටිය එනවා …. එකම කාමරේ දොළොස් පාරකට වඩා බිස්නස් වෙනවා.

ක්ලාස් තියෙන දවසට කලබලත් වැඩියි, කරදරත් වැඩියි..” චාමර කියන්නේය.

බැලූ බැල්මට චාමරට කරන්න තරම් වෘත්තිමය ‘රූම්බෝයි’ කෙරුවාවක් මේ හෝටලයේ දකින්න නැති නිසා අපි ඔහු දැක්වූ ‘කරදර සහ කලබල’ මොනවාදැයි විමසූවෙමු.

“මේකයි, කට්ටිය වැඩිවෙනකොට පැයකට දුන්න කාමරේ කපල් එක ඉක්මනට පිටත් කරගන්න ඕනේ.

සමහර කපල් පැයකට ගත්තට යන්නේ නැහැ. ආයෙත් ඉල්ලනවා.

අපි කොහොමත් කට්ටිය වැඩිවෙන දවස්වලට පැයකට වඩා දෙන්නෙත් නැහැ.

ඒ කපල් එක ගිය ගමන් කාමරේ අස් පස් කරලා දෙන්න ඕන. ඒක ටිකක් කරදර වැඩියි.”

“කරදර වැඩියි කිව්වේ, බෙඩ් ෂීට් කොට්ට උර මාරු කරලා කාමරේ ක්ලීන් කරන එකද? ඒක කරදරයි කීවාට ඔයාගේ ජොබ් ඒකනේ” යැයි අපි විමසුවෙමු.

චාමර ඊට දුන් පිළිතුර, රටේම පිහිටි සමස්ත ‘රූම්’ කෙරුවාවම ගැන හෙළිදරව්වුවක් යැයි අපි විශ්වාස කරන්නෙමු. “එච්චර හරියක් කරන්න වෙලාවක් නැහැ.

සැරෙන් සැරේ මාරු කරන්න තරම් බඩු අපි ගාව ඇත්තෙත් නැහැ. අපි ඒවා මාරු කරන්නේ දවස් දෙකකට සැරයක් වගේ.

මහත්තයා (අයිතිකරු) කියලා තියෙන්නේ ලොන්ඩරි ගාස්තු වැඩි නිසා පුළුවන් තරම් ෂේප් එකේ වැඩේ කරන්න කියලා. අපි කරන්නේ කපල් එක ගිය හැටියේ, බෙඩ් ෂීට් පොඩ්ඩක් ගසලා දාලා ආපහු එලන එක.

සමහර වෙලාවට ඇඳේ තියෙද්දීම බෙඩ් ෂීට් අයන් කරනවා එතකොට අලුත් ගතියක් එනවා. ටවල් එකනම් හුඟක් වෙලාවට මාරු කරන්නෙම නැති තරම්.

මොකද එක වොෂ් රූම් එකක් නිසා ටවල් පාවිච්ච් කරන අය අඩුයි. බැරි වෙලා හරි පාව්ච්ච් කළොත්, එකත් අයන් කරනවා.

එතකොට අලුත් පාටට තියෙනවා. කාමරේට ‘එයාර් ෆ්‍රෙෂ්නර්’ ටිකක් ගැහුවාම වැඩේ සම්පූර්ණයි.”

පනින්න පෙර නොව ‘රූම්’යන්න කලින්ම සිතා බලමු චාමර, රූම්බෝයි යැයි කීවාට එය විධිමත් ආකාරයට පුහුණු වූ රැකියාවක් නොවේ.

මේ ටික කරන්න පුහුණුවක් වුවමනා නැත. අවශ්‍ය වන්නේ තක්කඩි ලෙස මුදල් උපයන කලාව පුහුණු වූ ‘ස්වාමියෙකු’ යටතට පත්වීම පමණෙකි.

ඉහත කී ‘පකිස් හෝටලය’ අයත් තැනැත්තා දේශපාලන හයිය ඇති ‘මහත්තයෙකි’.

මේවා රට පුරා බෝවෙන ආකාරය ගැන ඉඟියක් අපට ලැබුනේද කොළඹින් අතිශය දුර බැහැරක මුල් පදිංචිය ඇති චාමර අපට කී කතාවකිනි.

“ගමට ගිහින් මාත් පොඩි ගෙස්ට් හවුස් එකක් පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ” බොහෝ විට ‘රූම්ස්’ ව්‍යාපාරය පාතාලය හා දේශපාලනය හා බැඳී තිබේ. මුලින් කීවක් මෙන් සමහර රූම් ‘රන්’ කරන්නෙ පාතාලෙ අයියලාගෙ ගෝල බාලයෝය.

ඒවා අපරාධ තිත්පල බවට පත්වන බවද කිව යුතුය. ළමා අපචාර, අපයෝජන, ගෑනු පිරිමි දූෂණ මේ ‘රූම්’ තුළදී සිදුවන බව කිව යුතුය.

විශේෂයෙන්ම වෙරළබඩ කලාපය ආසන්නයේ තානායම් පළවල්වල මේ අපචාර අපයෝජන ක්‍රියා බහුලය.

එසේත් නැත්නම් ‘රූම්’ කරන කවරෙකු හෝ වේවා මේ පාතාලෙ අයියලාටද ගතමනාවක් දීම අනිවාර් ය.

මදි පාඩුවට උන්ගේ හැම නීති විරෝධී වැඩකටම සහාය දීමද කළ යුතුය. ඊළඟ දොළපිදේණි වෙන් වන්නේ පොලිසියටය.

රට පුරාම ඇති මෙවැනි තැන් කිසිදු අතුරු අන්තරාවක් නැතිව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ඔබ කල්පනා කළ යුතුය.

රූම් කාර්යබහුල වෙන වෙලාව සති අන්තයේ, උදේ වරුවේ හා කෑම පැයේය.

සති අන්තයේ රූම් එකක ඒ වෙලාවන් වෙන් කර ගැනීම කරන්න අමාරු වැඩකි. ඒ පාසල් පෙම්වතුන්ගේ කාලය සති අන්තයේ වන නිසාය.

තහනම් ගහේ ගෙඩි සොයන්නන් නිසා කෑම පැය කාර්ය බහුලය. තම දරුවන් පාසල් දමා එන පිරිස උදේ වරුවේ ‘රූම්ස්’ කාර්යබහුල කරයි.

රාත්‍රී ජාලය රූම්ස් වෙන් වන්නේ රට පුරා සිටින අලෙවි නියෝජිතයන්ටය. ඒ නිසා රූම්ස් යනු 24/7 ලාභ උපයන ව්‍යාපාරයකි.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇති නිවාඩු නිකේතන ඔන්ලයින් වෙන් කරවා ගැනීමේ පහසුකම් ඇත.

අප මේ සඳහන් කරන ‘රූම්’ එකක් සාමාන්‍යයෙන් වෙන් කරවා ගන්නේ එසේ නොවේ. එය කර දෙන්නේ ‘ත්‍රීවීල් අයියා’ කෙනෙකි.

මේ අයියාට ද පොඩි ගතමන්ට් එකක් ලැබෙන්නේය. එමෙන්ම ත්‍රීවීල් අය්යා රැගෙන එන කපල් එකෙන්ද පොඩි ගාණක් කඩාගන්නේය.

සමහරක් විට ළඟ තානායම මගහැර දුර තානායමකට ගෙනියන්නේ ළඟ එකට පොලිසියෙන් පැන්න බව කියමිනි. රූම් කෙරුවාවේ තරම දන්නෝ රූම් එකට එන ක්‍රමය දන්නෝය.

යතුරු පැදියක එන කාන්තාවෝ ෆුල් ෆේස් හෙල්මට් එකකින් මූණ වහගෙන එන්නෝ ය. තවත් අය ලොකු සංග්ලාස් එකකින් හා මුකවාඩමකින් මූණ වහන්නේය.

තවත් අය එන්නේ මොට්ටැක්කිලියකින් මූණ වසාගෙනය. යනෙන අයගෙන් බොහෝ පිරිසක් තම අනන්‍යතාව වසාගන්නේ බොහෝ සැලකිල්ලකිනි.

ඒ කවරාකාරයක වුවද සමහර රූම්ස් අතිශය භයානකය. බොහෝ රූම්ස් තුළ රහසිගත කැමරා තිබේ.

එවැනි සිදුවීම් විටින් විට වාර්තා වී තිබේ. තවත් ඒවා තුළ ‘ඩබල් මිරර්’ ඇත. මේවාගේ පටිගත වූ දර්ශන සයිබර් අවකාශයේ ඉහළ මිලට අලෙවි වන්නේ ඒවා පූර්ණ ‘ස්වභාවික ක්‍රියා’ නිසාය.

බොහෝ තැන්වල එක කාමරයක් සඳහා අයකරන්නේ අතිශය සාධාරණ මිල ගණන්ය. පැය දෙක තුනක් නොව දවසම සිටියද ගණන සාධාරණය. එහෙත් සිදුවන්නේ වෙනකකි.

ඇතුළත සිදුවන දේ රහසිගත සිදුරු තුළින් නැරඹීමට දෙන්නේ ඉහළ මිල ගණන්වලටය.

හරියටම බැලුවොත් මේ ක්‍රමයෙන් ‘සුපිරි’ හෝටලයක කාමරයක ගාස්තුව පැයක් ඇතුළත සොයාගන්නට අදාළ උදවියට හැකියාව ලැබේ.

නිදසුනක් ලෙස කීවොත් ‘කාමරයට දාහයි, හිලෙන් බලන්න දෙදාහයි’ ය. රට පුරාම පිහිටි තානායම්, කබානා, ගෙස්ට් හවුස් එසේත් නැතිනම් රූම්ස් සියල්ලෙන් බහුතරයක් නිසි ප්‍රමිතියකට ගොඩනැගූ ඒවා නොවන බවද විශ්වාසයෙන් කිව හැකිය.

ඒවාට අවසර ලබාගත් ආකාරය සොයා බැලුවහොත් සිදුව ඇති දූෂණයේ තරම තේරුම් ගත හැකිය. අවාසනාවකට මෙන් කළුතර සිදුවීමෙන් පසුව හෝ මේ ගැන නිසි විමර්ශනයක් රටේ කොතැනක හෝ සිදුවුනේ නැත.

බලධාරීන්ගේ ඊට කිසිදු උනන්දුවක් ඇති වගද පෙනුනේ නැත. රූම්ස් යෑමේ කලාව කාලයත් සමග දියුණු වී තිබේ.

එය මේ වන විට මුහුණු පොතෙන් (facebook) පවා වෙන් කර ගත හැකි කාර්යයක් බවට පත්ව තිබේ. එමගින් සැපයෙන සේවා අපමණය.

සුන්දර නවාතැන්පළක්, කබානාවක සිට තවත් බොහෝ දේ ඒ ඒ සංසද තුළින් සොයාගන්නට හැකිය. සමහරු ලිංගික ශ්‍රමිකයන් ශ්‍රමිකාවන් ලෙස ගනුදෙනුකරුවන් සොයයි.

ඒ අතර තම ලිංගික අවශ්‍යතාවන්ට සහකරුවන් සොයා ගැනීමටද මේ රූම්ස් යන්නන්ගේ සංසද තුළින් සොයා ගන්නට හැකිය.

සමහරක් විට ගෲප්වලින්ම රූම්ස් චැට් වලින් හඳුනා ගන්නා අයට මේ රූම්ස් ලේසියෙන්ම වෙන් කරවා ගන්නට හැකිය. ලිංගික අවශ්‍යතා ස්වභාවිකය.

ඊට අවශ්‍ය පසුබිම සැකසීමද අවශ්‍යතාකි. ඒ කවරක් සිදු වුවද මේ රූම් කෙරුවාවේ නියාමනයක්, විනයක් නැත.

ඒ නියාමනයට දැන් කාලය එලඹ තිබෙන බව පමණක් අවසන් වශයෙන් සිහිපත් කරමු.

උපුටා ගැනීමක්: මදුෂානි කොඩිතුවක්කු


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now