විදුලි සැර වැදී අඹුසැමි යුවළකට දිවි අහිමි වෙයි
වරකාපොල පොලිස් වසමේ හුනුවල ප්‍රදේශයේ ඊයේ (13) විදුලිසැර වැදී අඹුසැමි යුවළක් මියගොස් ඇත.
පොලිසිය සදහන් කළේ ඔවුන් වරකාපොල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇති බවයි.
මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක් හා කාන්තාව වයස අවුරුදු 58 ක් වූ හුනුවල, තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ .
තවද පොලිසිය විසින් සිදුකරන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ කුඹුරක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවටයි.
ඒ වගේම අනවසර විදුලි රැහැන් අදින ලද වයස අවරුදු 34ක් වූ හුනුවල ප්‍රදේශයේම පදිංචි සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.