මගේ පණ වන් රත්තරන් තාත්තා මාව දාලා ගියා - සෝ සුසුම් මැද කේ. සුජීවා සංවේගයෙන් හඬා වැටෙයි

By Kaushi Mar 11, 2026 10:47 AM GMT
Report

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය, වේදිකාව හැඩ කරන ආදරණීය ගායන ශිල්පිනියක් වෙන කේ. සුජීවාට අද දින අතිශය අවාසනාවන්ත දිනයක් වී ඇත. ඒ, ඇගේ ජීවිතයේ ශක්තිය වූ ආදරණීය පියාණන් මෙලොව හැර ගිය පුවතත් සමඟයි.

තම ගායන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් සෙවනැල්ලක් වුණු ආදරණීය පියාණන්ගේ අභාවය ගැන සුජීවා ඇගේ මුහුණුපොත හරහා සටහනක් තබමින් නිල වශයෙන් දැනුම් දී ඇත.

''ඔයා යන්නෙ , අම්මෙකුට පුතෙකු වෙනුවෙන් ලියන්න පුළුවන් සුන්දරම වචන , ඔයාගෙ අම්මා ලවා ලියවලයි ,, චන්දි කොඩිකාරගේ ආදරණීය පුතු ගැන තවත් සංවේදී කතාවක්

''ඔයා යන්නෙ , අම්මෙකුට පුතෙකු වෙනුවෙන් ලියන්න පුළුවන් සුන්දරම වචන , ඔයාගෙ අම්මා ලවා ලියවලයි ,, චන්දි කොඩිකාරගේ ආදරණීය පුතු ගැන තවත් සංවේදී කතාවක්

සටහන සමඟින් පියාණන්ගේ සිනහමුසු ඡායාරූපයක් ද පළ කරමින් ඇය සඳහන් කර තිබුණේ ඇගේ හදවත පෑරෙන ඒ මහා වියෝව සම්බන්ධයෙන්. ඇය පළ කළ "මගේ පණ වන් රත්තරන් තාත්තා මාව දාලා ගියා..." යනුවෙන් වූ ඒ සංවේදී සටහනට මේ වන විට ඇගේ දියණියන් දෙදෙනා මෙන්ම ක්ෂේත්‍රයේ හිතවතුන් සහ දහස් සංඛ්‍යාත රසික පිරිස් ඇයට සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටියි. 

බුත්තල පාසලක් කැළඹෙයි - පාසල් සිසුවෙකු හදිසියෙම ජීවිතක්ෂයට

බුත්තල පාසලක් කැළඹෙයි - පාසල් සිසුවෙකු හදිසියෙම ජීවිතක්ෂයට

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්

යුද උණුසුම මැද ජාත්‍යන්තර‍යේ දැඩි අවධානය ලංකාවට - පැය 24ම ආරුගම් බොක්ක ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්