මාරක අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට
By Kaushi
පුත්තලම අට්ටවිල්ලුව ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.
ඒ අනුව පොලීසිය වාර්තා කළේ ඊයේ (13) දින රාත්රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි.
එසේම අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනික් පැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී මියගොස් තිබෙනවා.
එමෙන්ම තුවාල ලැබු පසුපැදිකරුවන් දෙදෙනා ප්රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව පොලීසිය ප්රකාශ කරයි.