'වත්මන් රජය සමාජ පන්ති අතර වෛරය පෝෂණය කරනවා” – චන්ද්‍රිකාගෙන් රජයට දැඩි විවේචනයක්

Report

වත්මන් රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ඉතා විශිෂ්ට එකක් ලෙස අගය කරන නමුත්, ඉන් ඔබ්බට ගිය පැහැදිලි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් රජය සතුව නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

එමෙන්ම, සමාජයේ එක් පන්තියක් තවත් පන්තියක් කෙරෙහි දක්වන වෛරය තවදුරටත් පෝෂණය කිරීම සම්බන්ධයෙන් ද ඇය වත්මන් රජය විවේචනය කළාය. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 'සමානතා මුලපිරීම' (Equality Initiative) විසින් ප්‍රකාශයට පත් කරන 'VORTEX' ප්‍රකාශනයේ පස්වන වෙළුම එළිදැක්වීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ වත්මන් රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ඉතා විශිෂ්ට වුවද, ඊට අමතරව ක්‍රියාත්මක වන වෙනත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් දක්නට නොමැති බවයි. එක් සමාජ පන්තියක් තවත් සමාජ පන්තියක් කෙරෙහි දක්වන වෛරය අඛණ්ඩව පෝෂණය කිරීම හැර ජනතාවට ඉදිරිපත් කිරීමට වෙනත් දෙයක් රජය සතුව නොමැති බව ද ඇය චෝදනා කළාය.

උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්

උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්

මේ අතර, රටේ අනාගතය ගොඩනැගීමේදී තරුණ පරපුර සක්‍රීය නායකත්වයක් ගත යුතු බව අවධාරණය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, දේශපාලනඥයන් හෝ දේශපාලන පක්ෂ නායකයන් නායකත්වය ලබා දෙන තෙක් බලා නොසිටින ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියාය.

ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නොමැති දේශපාලනඥයන්ට ඡන්දය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව ද ඇය එහිදී ප්‍රශ්න කළාය. ශ්‍රී ලංකාව සතු ස්වභාවික සම්පත් සහ මානව සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් රටේ සැබෑ සංවර්ධන විභවය ළඟා කර ගැනීමට නොහැකි වී ඇත්තේ සමානාත්මතාවය නොමැතිකම සහ එක්සත් ජාතියක් ලෙස ගොඩනැගීමට අපොහොසත් වීම හේතුවෙන් බව ද හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නාය.

අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර ඇතුළු විවිධ අංශවලින් ඉහළ මට්ටමේ මානව සම්පතක් රට සතුව පැවතියද, අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ දුප්පත් රටවල් අතරට පත්ව ඇති බව ඇය සඳහන් කළාය. එක් ජාතියක් ලෙස එක්සත්ව කටයුතු කිරීමට නොහැකි වීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් බව ද ඇය අවධාරණය කළාය.

තවද, සමානාත්මතාවය පිළිබඳ සංකල්පය ආබාධ සහිත පුද්ගලයන්ට පමණක් සීමා නොවී සියලුම පුරවැසියන් වෙත පුළුල් විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඇය, සමානාත්මතාවය තහවුරු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සැබෑ ශ්‍රේෂ්ඨත්වය කරා ළඟා වීමට නොහැකි වී ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026