ඩොලරය පහල යාම නිසා භාණ්ඩ රැසක මිල අඩු කරන්න තීරණය..ඇමතිගෙන් දැනුම්දීමක්..

Dollar to Sri Lankan Rupee Ranjith Siyambalapitiya Sri Lanka Economy of Sri Lanka Businessman
By Aruna May 29, 2023 07:21 AM GMT
Aruna

Aruna

Report

ඩොලරයේ අගය අඩුවීමට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිත වන අමුද්‍රව්‍ය සහ උපකරණවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (30) දිනයේ පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල ඉහළයාම හේතුවෙන් ඒ ආශ්‍රිත ජීවනෝපාය මාර්ග රැසක් ඇණහිට ඇති බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසුවේ, ඩොලරයේ අගයට සාපේක්ෂව වෙළෙඳපොළේ ඇති පාරිභෝගික ද්‍රව්‍යවල මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදුකරන ලෙස වෙළෙඳ හා ආර්ථික, ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now