ගොඩනැගිලි ද්‍රව්‍ය කිහිපයක මිල ගැන තීරණයක්.

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Ministry of Finance Sri Lanka
By krishani May 30, 2023 04:53 PM GMT
krishani

krishani

Report

ලෝක වෙළෙඳපොළෙහි සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස තිබෙනවා.

ඒ සමග ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය ද මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.

ඒ අනුව රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිමක් තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (30) මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණ.

එහිදී විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

මේ අතර විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීම ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

කෙසේවෙතත්, ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂණය කරමින් මසකින් රැස් වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join