ලංකාවේ වැඩිම කතාබහට ලක්වුන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාට හදිසියේම වුන වැඩේ..

By krishani Apr 29, 2022 06:32 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජියෝජියේවාට කොරෝනා ආසාදනය වී ඇති බව ඇගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

නමුත් ඇයට කොරෝනා ආසාදනයේ සුළු රෝග ලක්ෂණ පවතින බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ඇය නිවසේ සිට දුරස්ථ ලෙස රාජකාරි කටයුතුවල නිරත වන බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියෝජියේවා කොරෝනා වෛරසයට එරෙහි වර්ධක එන්නත් මාත්‍රාව ඇතුළු පූර්ණ එන්නත්කරණය ලබා සිටින තැනැත්තියකී.