කොරෝනා සුවකරන්න මෙරට හදන ටැබ්ලට් එක මෙන්න...අඩු මිලකට ගන්නත් පුළුවන්.

Corona Sri Lanka Corona tablet Mawanalle Propeser ashoka mawanalla
By Aruna Sep 01, 2021 02:12 AM GMT
Aruna

Aruna

Report

සත්වයින්ගේ පණු රෝග ආශ්‍රිතව ලබාදෙන අයිවර්මෙක්ටින් ඖෂධය කොවිඩ් මර්දනය සඳහා ද යෝග්‍ය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා අනාවරණය කරනවා.

මෙරට කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ද කඩිනමින් මෙම ඖෂධය ලබා දෙන ඉල්ලා සිටින බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.

මෙම අයිවර්මෙක්ටින් නම් ඖෂධය ඉතා අඩු මුදලකට ලබා ගත හැකි බවද අශෝක දංගොල්ල මහතා සඳහන් කළා.

මෙම ඖෂධය භාවිත කිරීම, දකුණු අප්‍රිකාවේ කොවිඩ් වෛරසය පැතිරයාම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කියා සිටියා.

ඒ අනුව කොවිඩ් හේතුවෙන් මිය යන සංඛ්‍යාව අවම කරගැනීමටත් වෛරසය පැතිරයාම අවම කර ගැනීමටත් මෙය වඩාත් යෝග්‍ය බවයි ඔහු සඳහන් කළේ.

මෙම අයිවර්මෙක්ටින් ඖෂධය සත්වයින්ගේ පණු රෝග ආශ්‍රිත රෝග සදහා මේ වන විටත් මාවනැල්ල ප්‍රදේශයේ දී නිෂ්පාදනය කරන බවද මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළා.

ඇත්තටම බලු බෙහෙතකින් කොරෝනා සුව කරන්න පුළුවන් ද?

අයිවර්මෙක්ටින් නම් සතුන්ට ලබාදෙන පණු බෙහෙත මේ ලැයිස්තුවට අලුතින්ම එක්වී ඇති ඖෂධය යි. මෙය 'කොවිඩ් මැඬලන ඔසුවකැ' යි කියන මහාචාර්ය අශෝක දංගොල්ල එය ජනතාව වෙත නිර්දේශ කළේයැ යි පැවසෙන ලිපියක් මේ දිනවල ෆේස්බුක් ඔස්සේ පැතිරේ.

කෙසේ නමුත්, තමා එවැනි නිර්දේශ කිරීමක් නොකළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශූවෛද්‍ය පීඨයේ සේවය කරන එම මහාචාර්යවරයා සඳහන් කළා.

කවුරුන් කෙසේ කිව්වත් තම තමන් සිහිබුද්ධියෙන් යුතුව කුමක් නිවැරදිද යන්න තීරණය කරන්න. තීරණය ඔබ සතුයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now