විශේෂඥ වෛද්‍යවරු 02ක් හදිසියේම කොවිඩ් කමිටුවෙන් ඉල්ලා අස්වූ හැටි මෙන්න.

corona-suppression-committee Ashokagunarathne Ananda wijevickrama
By Aruna Sep 08, 2021 07:07 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඊයේ (07 වැනිදා) ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ තව දුරටත් මෙම කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් නොමැති බව තමන්ට හැඟී යාම නිසා බවයි අප කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න කියා සිටියේ.

මෙම තාක්ෂණික කමිටුවෙන් මීට පෙර මහාචාර්ය නීලිකා මලවිගේ , කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්වූ අතර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ කමිටුව ගන්නා ඇතැම් තීරණ සම්බන්දයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha