තවත් පාසල් සිසුන් හතරකට කොරෝනා.

corona mathale school child
By Aruna Apr 27, 2021 03:22 AM GMT
Report

මාතලේ තැන්න මහා විද්‍යාලයේ සිසුන් හතරදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව විදුහල්පති ඉන්දික ගල්කොටුව ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් අවදානම හමුවේ ඊයේ(27)දින සිසුන් හයදෙනෙකු පමණක් පාසල් පැමිණ තිබු බවත් මේ තත්ත්වය හමුවේ පාසල් පවත්වාගනෙ යාමේ ගැටලුවක් ඇති බවත් දරුවන් මෙන්ම ගුරුවරුන්ද දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බවද විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

දැනට හුදකලා කර ඇති පල්ලේකුඹුර ප්‍රදේශයවලින් දරුවන් පැමිණිම නිසා පාසල දැඩි ආනාරක්ෂිත තත්වයට පත්ව ඇති බවද දෙමාපියන් ප්‍රකාශ කරනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAiXMA