පිරිවෙන් හිමිවරු 10 කට කොරෝනා

covid19-pirivena-positive
By Gagana Nov 16, 2021 03:54 PM GMT
Gagana

Gagana

Report

දෙවලපොළ බලබෝව ප්‍රදේශයේ පිරිවෙන් හිමිවරුන් 10 නමක් කොරෝනා වයිරස ආසාදිතයන් එලෙස හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

මෙම පිරිවෙනේ වැඩ වාසය කරන එක් හිමිනමක් සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් ඉකුත් 10 වෙනිදා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදු කරගෙන ඇති අතර එහිදී එම හිමිනමට කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව මේ පිළිබඳව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම පිරිවෙනේ වැඩ වාසය කරන අනෙකුත් හිමිවරුන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී එම හිමිවරුන් අතරින් තවත් හිමිවරුන් 9 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු කරගත් බවද එම සෞඛ්‍ය ප්‍රකාශකවරයා කීය.

අනතුරුව එම ආසාදිත හිමිවරුන් දස දෙනා එම පිරිවෙන තුළම නිරෝධායන ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha