කොරෝනා සුව කරන්න නවතම ක්‍රමයක්..ලෝකයටම සුබ ආරංචියක්.
කොවිඩ් වෛරසයට එරෙහිව ඖෂධයක් අත්හදා බැලීමට මේවනවිට ෆයිසර් ආයතනය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහි වැඩිදුරටත් දැක්වුණේ මේ වනවිට අදාළ ඖෂධය සම්බන්ධ සායනික පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතින බවය.
අදාළ ඖෂධය සායනික මට්ටමේදී සාධනීය ප්‍රතිඵල ලබාදී ඇති බව ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම සමඟ එක්වී ලොව පළමු කොවිඩ් මර්දන එන්නත නිපදවූ අමෙරිකාවේ ෆයිසර් ආයතනය පවසයි.
PF-07321332 ලෙස නම් කර ඇති මේ ඖෂධය සැලකෙන්නේ වෛරස නිෂේධකයක් ලෙසය. මිනිස් සිරුර තුළ ගුණනය වීමේදී කොවිඩ් වෛරසය යොදාගන්නා එන්සයිම විනාශකිරීම එම ඖෂධයේ කාර්ය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
සායනික මට්ටමේදී ස්වේඡාවෙන් ඉදිරිපත්ව ඇති පිරිසකට දිනකට දෙවරක් බැගින් දින 5ක් හෝ 10ක් පුරා පෙති ලබාදෙන බවත්, ඉන් දින 14කට පසු තත්ත්වය පරීක්ෂා කිරීමට සූදානම් බවත් ෆයිසර් සමාගම නිවේදනය කර තිබුණි.
මේ අතර, කොවිඩ් වැලඳී සුවය ලැබූ මවකගේ මව්කිරි ඔස්සේ ඇයගේ දරුවා වෙත මාස 10ක් ගතවන තුරු, කොවිඩ් මර්දන ප්‍රතිදේහ හුවමාරුවන බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
මේ බව ආනාවරණය වී ඇත්තේ, කොවිඩ් වැලඳී සුව ලැබූ මව්වරුන් 75දෙනෙකුගේ මව්කිරි ආශ්‍රිතව අමෙරිකාව සිදුකළ නවතම පර්යේෂණයකදීය.
එමෙන්ම මේ ප්‍රතිදේහ මඟින් කොවිඩ් වෛරසය මර්දනය වන බවද සායනික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/DCmjvbzCtxS7eKahurKm3P