කොවිඩ් ආසාදිතව හමුදා ප්‍රධානියෙකු මියයයි..
කොවිඩ් ආසාදිතව සිටි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු මියගොස් තිබෙනවා.
යුද හමුදා මුලස්ථානයේ විශ්ලේෂණ සහ සංවර්ධන ශාඛාවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් සුදත් උදයසේන මහතා මෙසේ මියගොස් ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
මේ අතර වයස අවුරුදු 20 ත් 30 ත් අතර කාණ්ඩයට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කෙරුණේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ නිර්දේශ අනුව බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අවුරුදු 30 ට වැඩි පිරිසට බූස්ටර් මාත්‍රාවක් දීම හෝ 20 ත් 30 ත් අතර කාණ්ඩයට එන්නත්කරණය ආරම්භකිරීම යන දෙකෙන් වඩාත් සුදුසු කුමක්දැයි නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය විද්වතුන්ට දැනුම් දී තිබූ බවද යුධ හමුදාපතිවරයා පැවසුවා.
ඒ අනුව ඊයේ දිනයේදී 20-30 කාණ්ඩයේ එන්නත්කරණය ආරම්භ කල බව ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
කෙසේවෙතත් එම කාණ්ඩයේ ලක්ෂ 08 ක් පමණ වන සැළකිය යුතු පිරිසකට දැනටමත් එන්නත් ලබාදී අවසන් බවයි ඔහු ප්‍රකාශ කළේ.
ඇගලුම් ක්ෂේත්‍රය වැනි ඇතුලු අත්‍යවශ්‍ය සේවා වල රැකියාවල නිරත වන්නන් ඒ අතර වනවා.
ඒ අනුව අවුරුදු 20 – 30 කාණ්ඩයේ එන්නත් නොලද අයට ඊයේ සිට එන්නත්කරණය ආරම්භ කළා.
මේ අතර ලබන සතිය තුළදී තවත් එන්නත් මාත්‍රා මිලියන 08 ක් දිවයිනට ලැබීමට නියමිත බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |